කරුණානිධි බලන්න ආව දෙන්නෙක් ජීවිතක්ෂයට ! (photos) | Colombocall කරුණානිධි බලන්න ආව දෙන්නෙක් ජීවිතක්ෂයට ! (photos) - Colombocall

Hot News

කරුණානිධි බලන්න ආව දෙන්නෙක් ජීවිතක්ෂයට ! (photos)






ඉන්දියාවේ හිටපු මහ ඇමැතිවරයකු වන එම්.කරුණානිධිගේ අවමංගල්‍ය උත්සවය අතරවාරයේදී තෙරපීමට ලක්වීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්  වූ බව  වාර්තා වේ.
 
පස් වතාවක් තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිධුරය හෙබ වූ එම්.කරුණානිධි අඟහරුවාදා (7) අභාවප්‍රාප්ත විය. මිය යනවිට හෙතෙම 94 වැනි පසු වූ අතර අසනීප තත්ත්වය නිසා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියේය. 
 
එම්. කරුණානිධිගේ අවමංගල්‍ය උත්සවය බදාදා (8) පැවැත්වුණු අතර ඊට ද්‍රවිඩ මුනේත්‍ර කලහම් (ඩී.එම්.කේ) පක්ෂයේ ආධාරකරුවෝ දහස් ගණනක් සහභාගී වූහ. එම පිරිස පොලිසියට ද පාලනය කරගත නොහැකි වූ අතර තෙරපීම හේතුවෙන් 50කට ආසන්න පිරිසක් රෝහල් ගත කළ බව ද වාර්තා විය. 
 
එම්. කරුණානිධිගේ දේහය චෙන්නායි නුවර මරීනා වෙරළ තීරයේ දී ඔහුගේ දේශපාලන ගුරුවරයා වූ සී.එන් අන්නදුරේගේ දේහය අසළින් භූමදානය කළේය. සී.එන් අන්නදුරේ යනු තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රථම මහ ඇමැතිවරයා මෙන්ම ද්‍රවිඩ මුනේත්‍ර කලහම් (ඩී.එම්.කේ) පක්ෂයේ නිර්මාතෘවරයා ද වේ.