IIC යෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය ඉවතට!
ක්‍රිකට් නිලවරණය නොපැවැත්වීම අධිකරණයට අපහාසයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු උප සභාපති මොහාන් ද සිල්වා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ක්‍රිකට් නිලවරණය නොපැවැත්වීම සම්බන්දව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී උසාවි නියෝගයක් තිබියදී ක්‍රිකට් නිලවරණය නොපවත්වන්නේ ඇයි දැයි ඔහු ප්‍රශ්න කර සිටියා. වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ දෙසැම්බර් 31 වන දිනට පෙර නිලවරණය නොපවත්වන්නේ නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අහෝසි කිරීමට බොහෝ දුටර ඉඩ ඇති බවයි.
එමෙන්ම එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු භාණ්ඩාගාරික ශම්මි සිල්වා කියා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය යම්හෙයකින් අහෝසි වුවහොත් එහි වගකීම ක්‍රීඩා අමාත්‍යවරයා භාරගතයුතු බවයි.