වෙළඳසැල පිපිරීමෙන් ව්‍යාපාරිකයා මැරුණ හැටි CCTV කැමරාවේ සටහන් වෙයි
බදුල්ල නගරයේ රථවාහන අමතර කොටස් වෙළදසැල් දෙකක් ගිනිගෙන විනාශවී එක් වෙළදසැල් හිමියෙක්ද මරණයට පත්වී ඇත්තේ ප්‍රබල පිපිරීමකින් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මරණයට පත්වුයේ බදුල්ල හපුවත්ත පදිංචිව සිටි මුතු තන්ත්රිලාගේ සුමීර හේමන්ත කුරේ (46) නමැති දෙදරු පියෙක්.
මරණකරු තෙවතාවක් වෙළදසැලට යන අයුරුත් තුන්වන වර ඔහු වෙළදසැල ඉදිරියේ මාර්ගයේ නතර කිර තිබු යතුරුපැදියට නැගීමට සූදානම් වෙද්දීම පිපිරීම සිදුවි ඔහු ඊට ගොදුරු වන අයුරුත් ඒ සමගම විශාල ගින්නක් ඇති වන අයුරුත් අදාළ ව්‍යාපාරික ස්ථාන දෙකක තිබු ආරක්ෂක කැමරා දර්ශනවල සටහන්ව තිබෙනවා.