කෝච්චි දහයක් වැඩ. විස්තරේ මෙන්න ! | Colombocall කෝච්චි දහයක් වැඩ. විස්තරේ මෙන්න ! - Colombocall

Hot News

කෝච්චි දහයක් වැඩ. විස්තරේ මෙන්න !






දුම්රිය වැඩවැරුම හේතුවෙන් විදේශීය සංචාරකයන්ද පීඩාවට පත්ව සිටිනවා. සිය ගමනාන්ත කරා දුම්රියෙන් යාමේ අපේක්‍ෂාවෙන් දුම්රිය ස්ථාන වෙත පැමිණි විදේශීය සංචාරකයන් ප්‍රදේශ කිහිපයකදීම දැකගත හැකි වූ බවයි ක්‍ෂේත්‍රචාරිකාවන්හි යෙදුනු  වාර්තාකරුවන් පැවසුවේ.

දුම්රිය නොමැතිවීම නිසා ඊළගට කළයුතු දේ කුමක් දැයි ඔවුන්ට නිසි අවබෝධයක්ද නොතිබුණු බව වාර්තාකරුවන් වැඩිදුරටත් පැවසුවා.

මේ අතර දුම්රිය වැඩවැරුම හේතුවෙන් අද පස්වරුවේ කාර්යාලීය දුම්රිය ධාවනයද වෙනදා මෙන් සිදු නොවනු ඇති බවයි  සොයාබැලීමේදී පෙනී ගියේ. කෙසේවෙතත් දුම්රිය 10 ක් පමණ කෙසේ හෝ ධාවනය කරවීමට උත්සාහ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා. රියදුරු පරීක්‍ෂකවරුන් ලවා එම දුම්රිය ධාවනය කරවීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

මගීන්ට සිදුවන පීඩා අවම කිරීම සදහා අතිරේක බස් සේවාද ක්‍රියාත්මක කර තිබෙනවා.