කෝටි ගණනක් වටිනා ස්වර්ණාභරණ තොගයක් කටුනායකදී රෙගු භාරයට! | Colombocall කෝටි ගණනක් වටිනා ස්වර්ණාභරණ තොගයක් කටුනායකදී රෙගු භාරයට! - Colombocall

Hot News

කෝටි ගණනක් වටිනා ස්වර්ණාභරණ තොගයක් කටුනායකදී රෙගු භාරයට!





කටුනායක ගුවන්තොටුපල රේගුව  මගින් රුපියල් එක්කෝටි පනස් අටලක්ෂ දහ අට දහස් හත්සීය හැත්තෑපහක් ( 15,818,775 )  වටිනා ස්වර්ණාභරණ නීතිවිරෝධී අන්දමින් මෙරටට ගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

23 හැවිරිදි පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු ඩුබායි හි වසර දෙකකට අධික කාලයක් සේවය නිරත් වී තිබෙන බව වාර්ථා වනවා. ස්වර්ණාභරණ තොගය තම ගමන් මල්ලේ සගවා ගනිමින් ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී රෙගු නිලධාරින් විසින් කිලෝග්‍රෑම් 3 කට අධික බරකින් යුතු ගමන් මල්ල සමග මොහුව අත්අඩංගුවට ගනු ලැබුවා.