හිටපු ජනපති සී. අයි. ඩී. ය වෙත! | Colombocall හිටපු ජනපති සී. අයි. ඩී. ය වෙත! - Colombocall

Hot News

හිටපු ජනපති සී. අයි. ඩී. ය වෙත!





හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැරසෙයි. ඒ ‘ද නේෂන්’ ඉංග‍්‍රීසි පුවත්පතේ හිටපු සම-කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි.

මේ අනුව හිටපු ජනපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී හෙට (17) පෙරවරු 10ට රහස් පොලිස් නිලධාරීන් විසින් මෙම ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.

කීත් නොයාර් මහතා පැහැරගැනුණු අවස්ථාවේදී එවකට හිටපු ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට විවිධ පාර්ශ්වවලින් ලැබුණු දුරකතන ඇමතුම් සහ ඉන්පසුව කීත් නොයාර් මහතා නිදහස් වනතෙක් ඔහු විසින් ගන්නා ලද කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් මෙම ප‍්‍රකාශය ගැනීමට රහස් පොලීසිය විසින් අපේක්ෂා කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් හිටපු ජනාධිපතිවරයාට යොමුකළ ලිඛිත ඉල්ලීමක් පරිදි මෙම ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවයි වාර්ථාවන්නේ.