රට දුවන්නේ බදු ගෙවමින් වැඩ කරන ජනතාව නිසා
වර්තමානයේ රට පවතින්නේ තීන්දු තීරණ ගන්නා පාලකයින් නිසා නොව බදු ගෙවමින් වැඩ කරන ජනතාව නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව සඳහන් කර සිටියේ රට රකින, රට හදන ජනතාවාදී පාලනයක් උදෙසා ජනහමු දසදහස වැඩසටහනට සමගාමීව මීරිගමදී ඊයේ (18) පැවැති ජනහමුවකදී ය.