සිංගප්පූරුවේ කුණු ගම්පහට ! | Colombocall සිංගප්පූරුවේ කුණු ගම්පහට ! - Colombocall

Hot News

සිංගප්පූරුවේ කුණු ගම්පහට !






සිංගප්පූරූ ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම මේ දිනවල දැඩි ආන්දෝලනයට තුඩු දී තිබෙන මාතෘකාවකි. මෙම ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට දැඩි අවාසි සහගත තත්වයක් ඇතිව තිබෙන බවට වෘත්තිකයන්ගෙන්, දේශපාලඥයන්ගෙන් ඇතුලු බොහෝ දෙනෙකුගෙන් චෝදනා එල්ල වූවා.
ඒ අතර බොහෝ දෙනා චෝදනා කළ කරුණක් වූයේ මෙම ගිවිසුම මගින් සිංගප්පූරුව විසින් ඉවත් කරනා සියලු කැලි කසල ශ්‍රී ලංකාවට ගෙනැවිත් දැමීමට අවසරය ලබා දී තිබෙන බවයි. 
මේ අතර සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට ගෙන එන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වැල්කැටිය වත්ත නම් ඉඩමේ පොල් ගස් 1500ක් පමණ කපා දමා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මාධ්‍යයට පවසනවා.
අපද්‍රව්‍ය බැහැර කරන පළමු ස්ථානය ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙම ඉඩම ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් යටතේ ලබාදී බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. මේ සම්බන්ධව ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව දැඩි කනගාටුවෙන් පසුවන බවද මන්ත්‍රීවරයා පවසා සිටියේය.