ෆොන්සේකා ඒකාබද්ධයට යයිද ! දිනේෂ්ගෙන් සැර ප්‍රකාශයක් !
තිරසර සංවර්ධන,වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඒකාබද්ධ විපක්ෂයට පැමිණියද ඔහු බාර නොගන්නා බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (31දා) පැවසීය.
අගෝස්තු 02 වැනිදා කොළඹදී පවත්වන ජනබල සේනා විරෝධතාවය සම්බන්ධව දැනුම්වත් කිරීම වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් බොරැල්ල ඇන්.ඇම්.කේන්ද්‍රයේ පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.
වත්මන් ආණ්ඩුවෙන් පසුව ෆොන්සේකා මහතාගේ දේශපාලනය අවසන් බවත්, එවැනි පුද්ගලයෙකු සම්බන්ධ කර ගැනීමෙන් ප්‍රයෝජනයක් අත්නොවන බවත් හෙතෙම වැඩිදුරටත් මෙහිදී පැවසීය.