ඔන්චිල්ලාවට ගෙළ සිරවී කුඩා දරුවකු මරු තුරුළට ! | Colombocall ඔන්චිල්ලාවට ගෙළ සිරවී කුඩා දරුවකු මරු තුරුළට ! - Colombocall

Hot News

ඔන්චිල්ලාවට ගෙළ සිරවී කුඩා දරුවකු මරු තුරුළට !






කිලිනොච්චිය මුලංකාවිල් අන්බුපුරම් ප්‍රදේශයේදී අද (1) 13 හැවිරිදි පාසල් දරුවෙකු ඔන්චිල්ලාවේ ලණුවට ගෙල සිරවීමෙන් මිය ගොස් ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසනවා.

සහෝදරියන් තිදෙනෙකු සිටින මෙම පාසල් දරුවා අද දිනයේදී පාසල් නොගොස් ඇත්තේ වාර විභාගය අවසන් වී ඇති නිසා ය.

දරුවා නිවසේ සිටියදී සිය මව කිසියම් අවශ්‍යතාවයකට කිලිනොච්චිය මහරෝහලට ගිය අතරතුර දී මෙම පාසල් දරුවා ගෙමිදුලෙහි තිබූ ඔන්චිල්ලාවේ සෙල්ලම් කර ඇති අතර එහිදී ඔන්චිල්ලාවේ ලණුවට ගෙල සිරවී සිහි මුර්ජා වී ඇත.

අකාලයේ හය හතර නොදත් මල් කැකුළු ලංකාවට අහිමි වෙමින් පවතින සමයක කුඩා දරුවන් සිටින නිවෙස් වල ආරක්ෂාව පිළිබඳ දෙමව්පියන් මීට වඩා කල්පනාකාරී වියයුතු වේ.