වාහන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් කබීර් හෂීම්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් | Colombocall වාහන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් කබීර් හෂීම්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - Colombocall

Hot News

වාහන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් කබීර් හෂීම්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්





රථවාහන මිල ඉහල නැංවීමට හේතුව වී ඇත්තේ මාර්ගවල රථවාහන තදබදය බව අමාත්‍ය කබීර් හෂීම් ප්‍රකාශ කර සිටිනවා. මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුව වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. පවතින රටේ අවශ්‍යතාව මත රාජ්‍ය ප්‍රතිපත්ති විටින් විට වෙනස් කිරීමට සිදුවන බව එහිදී අමාත්‍ය කබීර් හෂීම් වැඩි දුරටත් කියා සිටියා.

මුදල් අමාත්‍යාංශය මගින් ඊයේ නිවේදනය කළේ එන්ජින් ධාරිතාව 1000 ට නොවැඩි මෝටර් රථවල නිෂ්පාදන බදු ඉහළ නංවීමට කටයුතු කරන බවයි.