පෞද්ගලික බස් රථ වර්ජනයක් ! ත්‍රීවීලුත් නෑ. විස්තරය මෙන්න | Colombocall පෞද්ගලික බස් රථ වර්ජනයක් ! ත්‍රීවීලුත් නෑ. විස්තරය මෙන්න - Colombocall

Hot News

පෞද්ගලික බස් රථ වර්ජනයක් ! ත්‍රීවීලුත් නෑ. විස්තරය මෙන්න



රථවාහන සඳහා හඳුන්වා දී ඇති නව දඩ ගාස්‌තු ක්‍රමයට විරෝධය පළ කිරීමට පෞද්ගලික බස්‌ රථ සේවක සංගමය හෙට (15දා) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සංවිධායක යූ. කේ. කුමාර රත්න රේණුක මාධ්‍යයට පවසනවා.


මෙම වර්ජනය සඳහා බවුසර් සහ බහාලුම් රියෑදුරන්ගේ සහායද හිමි වන අතර කොළඹ නගරයේ ධාවනය කෙරෙන සියලුම ත්‍රිරෝද රථ රියෑදුරන්ගේ සහාය හිමි වන බවත් ඔහු සදහන් කරනවා.

දඩ ගාස්‌තු ඉහළ දැමීම නිසා රියදුරන් අපහසුතාවට ලක්‌ වීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන අතර රියෑදුරු බලපත්‍රයක්‌ හිමි සෑම රියදුරෙකුම මෙම වර්ජනයට සහාය දෙනු ඇතැයිද සංවිධායකවරයා පවසනවා.

කෙසේ වෙතත් අ.පො.ස උසස් පෙළ විභාගයද පැවැත්වෙමින් පවතින මේ සමයේ පෞද්ගලික බස් රථ වර්ජනයක් සිදුවුවහොත් මහජනතාව දැඩි ලෙස පීඩාවට පත්වෙනු ඇත.