බෞද්ධ කටයුතු කොමසාරිස් තම ධුරයෙන් ඉල්ලා අස්වෙයි
බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවිලගෙදර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඒ ඊයේ (31) දිනයේ සිට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩ භාර ගැනීම හේතුවෙන්. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා බාරදී තිබෙන බවයි.