රජය සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව තියනවා. ජනපති කියයි ! | Colombocall රජය සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව තියනවා. ජනපති කියයි ! - Colombocall

Hot News

රජය සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව තියනවා. ජනපති කියයි !







තම වරප්‍රසාද පිළිබඳව මෙන්ම රටේ අහිංසක පොදු මහජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳවද වැඩවර්ජනවල නිරතවන්නන් සිතා බැලිය යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

අද (09දා) කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ පැවැති ඖෂධ පැළ බෙදා දීමේ වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
වැඩවර්ජනවලින් පීඩාවට පත්වන්නේ ආණ්ඩුව නොව රටේ අහිංසක පොදු මහජනතාව බවත්, පොදු මගී සේවාවන් මෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාවද භාවිතා කරන්නේ පොහොසතුන් නොව රටේ අහිංසක දුප්පත් ජනතාව බවත් හෙතෙම මෙහිදී පැවසීය.

ඊයේ (08දා) සිදුකළ වැඩවර්ජනය හේතුවෙන් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට නිවෙස් බලා යමින් සිටි දරුවන් ඇතුළු ජනතාවට විඳීමට සිදු වූ පීඩාකාරි තත්ත්වය ඉතා කනගාටු තත්ත්වයක් බවත්, ගැටලු විසඳා ගැනීමට ඕනෑම අයෙකුට ඕනෑම අවස්ථාවක රජය සමග සාකච්ඡා කිරීමට අවස්ථාව පවතින බවත් ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම පසුගිය රජය මෙන් විරෝධතාකරුවන්ට එරෙහිව වත්මන් රජය කිසිදු අවස්ථාවක තුවක්කු භාවිතා නොකළ බවද හෙතෙම මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.