බුර්කාවක් ඇඳගෙන පැමිණි පුද්ගලයාගේ රහස මෙන්න! | Colombocall බුර්කාවක් ඇඳගෙන පැමිණි පුද්ගලයාගේ රහස මෙන්න! - Colombocall

Hot News

බුර්කාවක් ඇඳගෙන පැමිණි පුද්ගලයාගේ රහස මෙන්න!





මුස්ලිම් කාන්තාවක්  ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු ඊයේ (29) පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ බුර්කාව ඇඳගෙන වැලිකඩ ප්ලාසා පොදු වෙළඳ සංකීර්ණය අසළ රැඳී සිටිය දී.

මෙම පුද්ගලයා පැමිණි ත්‍රීරෝද රථ රියදුරුට මොහු පිළිබඳව සැක පහල වී ඔහු විසින් පොලීසියට කරන ලද දැනුම් දීමකට අනුව මොහුව පරීක්ෂා කිරීමකට ලක් කොට මෙසේ අත්අඩංගුවට ගැනීම සිදු කළා.

පුද්ගලයකුගෙන් පළි ගැනීමේ චේතනාව අනුව මෙසේ මුස්ලිම් කාන්තාවක් ලෙස බුර්කාවක් ඇඳගෙන පැමිණ ඇති බවයි සඳහන් වන්නේ. ඔහු ලබාගත් ණය මුදලක් ගෙවා ගත නොහැකිවීම නිසා දැඩි පීඩනයකින් සිට  බව ද පසුව කළ පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.