ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහලට! - වෙනස්වන මිල මෙන්න | Colombocall ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහලට! - වෙනස්වන මිල මෙන්න - Colombocall

Hot News

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහලට! - වෙනස්වන මිල මෙන්න





කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල හෙට (25) සිට රුපියල් 158කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,696ක් ලෙස ඉහල දැමෙනවා.

ලෝක වෙළෙඳපාළේ ගෑස්මිල වැඩිවෙමින් පැවතීම අනුව ගෑස් මිල වැඩි කරන ලෙස ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් කළ ඉල්ලීම සලකා බලමින් ජීවන වියදම් කමිටුව පසුගිය 21වැනිදා මෙම තීරණයට එළඹ ඇති වාර්ථා මගින් පෙන්වා දෙන්නේ.

මාර්තු මාසයේ සිට ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යමින් පවතින බවත් මාර්තුවලදී අමෙරිකානු ඩොලර් 469.50ක් වශයෙන් පැවැති ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල අගෝස්තු මාසය වන විට ඩොලර් 590.05 දක්වා ඉහළ ගොස් ඇති බැවින් මෙරට ගෑස් මිලේ වැඩිවීමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයැයි ගෑස් සමාගම් ජීවන වියදම් කමිටුවෙන් හා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලා තිබුණා.

මෙම වර්ෂයේ ගෑස් මිල වැඩිවන දෙවැනි අවස්ථාව මෙයවන අතර පසුගිය අප්‍රේල් 27 වැනිදා ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් වැඩි කෙරිණි.