ඉන්දියාවෙන් උසස්ම ගෞරව සම්මානයක් මහින්ද රාජපක්ෂට ! නවදිල්ලි දේශනයකටත් ආරාධනා ! -video- | Colombocall ඉන්දියාවෙන් උසස්ම ගෞරව සම්මානයක් මහින්ද රාජපක්ෂට ! නවදිල්ලි දේශනයකටත් ආරාධනා ! -video- - Colombocall

Hot News

ඉන්දියාවෙන් උසස්ම ගෞරව සම්මානයක් මහින්ද රාජපක්ෂට ! නවදිල්ලි දේශනයකටත් ආරාධනා ! -video-





හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හට ඉන්දියාවෙන් ලබා දෙන උසස්ම ගෞරව සම්මානය වන 'භාරත රත්න' සම්මානය ලබාදීමට කටයුතු යොදා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබෙනවා.

භාරතීය ජනතා පක්ෂයේ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා විසින් එම යෝජනාව ඉන්දීය රජයට ඉදිරිපත් කොට ඇත.

ත්‍රස්තවාදී යුද්ධයෙන් පසු රට සංවර්ධනය කිරීම සම්බන්ධව නවදිල්ලියේදී දේශනයක් කිරීම සඳහා පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණි සුබ්‍රමනියම් ස්වාමි මහතා මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කොට තිබේ.

එම සම්මන්ත්‍රණයට සහභාගි වූ පසුව 'භාරත රත්න සම්මානය' පිරිනැමීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරාගේ අවමංගල්‍යය උත්සවයට සුබ්‍රමනියම් මහතා පැමිණි වීඩියෝව පහලින් නරඹන්න.