පෞද්ගලික බස් වර්ජනය සාර්ථක නැහැ - ගැමුණු විජේරත්න | Colombocall පෞද්ගලික බස් වර්ජනය සාර්ථක නැහැ - ගැමුණු විජේරත්න - Colombocall

Hot News

පෞද්ගලික බස් වර්ජනය සාර්ථක නැහැ - ගැමුණු විජේරත්න





හඳුන්වාදුන් නව දඩ පත්‍රිකාව සඳහා විරෝධතාව පළකරමින් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්තව වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

එය මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

එම සංවිධානයේ සංවිධායක යූ.කේ. කුමාරත්න රේණුක මහතා මාධ්‍ය වෙත දැනුම් දී සිටියේ රජයේ ප්‍රගතිශීලි රියදුරු සංගමය, කොළඹ නගරාන්තර ත්‍රිරෝද රථ සංගමය, බස්නාහිර පළාත් පෞද්ගලික බස් රථ රියදුරු සංගමය, ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය සහ වරාය පෞද්ගලික බහාලූම් රථ සංගමය මේ සඳහා සහය දෙන බවයි.

නමුත් මෙම වර්ජනය සම්බන්ධයෙන් බස් සංගම් අතරද පවතින්නේ එකිනෙකට පරස්පර අදහසක්. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ බස් රථ සේවකයින් වර්ජනයක් ප්‍රකාශය කළද බස් රථ ධාවනය නියමිත පරිදි සිදුවන බවයි. මේ පිළිබඳව විමසීමකදී වර්ජනයේ බලපෑමට ලක්වන ප්‍රදේශවලට ලංගම බස් රථ යෙදවීමට පියවර ගන්නා බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා කියා සිටියා.