යතුරුපැදි අනතුරකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට! | Colombocall යතුරුපැදි අනතුරකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට! - Colombocall

Hot News

යතුරුපැදි අනතුරකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට!





මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේ පැලවත්ත ප්‍රදේශයේ සිදු වූ රි  අනතුරකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි මාදම්පේ - පැලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සහ 73 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක්.

ඊයේ (16) රාත්‍රීයේ මාදම්පේ සිට කුලියාපිටිය දෙසට ධාවනය කළ යතුරුපැදියක් එම යතුරුපදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගය අසල පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක බිත්තියක ගැටී තිබෙනවා. පසුව එය මාර්ගය හරහා ගමන් කරමින් සිටි පදික කාන්තාවකගේ ගැටී ඇය ද තුවාල ලැබූ බවයි පොලීසිය කියා සිටියේ. සිදුවීමෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පදික කාන්තාව හලාවත රෝහලට ඇතුළත් කරන අතරතුර කාලයේ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.