ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා රැළියක් අද කොළබදී
ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජනබල සේනා විරෝධතා ජන රැළිය අද කොළඹදී පැවැත්වීමට නියමිතයි. ලිප්ටන් වටරවුමෙන් ආරම්භවන මෙම පාගමන විහාරමහාදේවි උද්‍යානය දක්වා ගමන් කර එහිදී විරෝධතා රැලියක් පැවැත්වීමට සැලසුම් වී ඇති බවයි ලැබෙන මාධ්‍ය තොරතුරු හරහා වාර්තා වන්නේ.
මෙම රැලිය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් ඊයේ පස්වරුවේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක ද නිරත වුණා.