ලොවම කතා වෙන මුහුදු සිංහයාගේ දුර්ලභ වීඩියෝව මෙන්න ! -Video- | Colombocall ලොවම කතා වෙන මුහුදු සිංහයාගේ දුර්ලභ වීඩියෝව මෙන්න ! -Video- - Colombocall

Hot News

ලොවම කතා වෙන මුහුදු සිංහයාගේ දුර්ලභ වීඩියෝව මෙන්න ! -Video-








සතුන් වත්තෙ ඉන්න සත්තු අතරින් මුහුදු සිංහයාට ගොඩාක් දෙනෙක් ආදරෙයි.  මුහුදු සිංහයා ඉංග්‍රීසි භාෂාවෙන් California sea lion කියලා හඳුන්වනවා. ඒ වගේම Zalophus Californianus යන විද්‍යාත්මක නාමයෙන්ද මුහුදු සිංහයා හඳුන්වනවා.


කුඩා මසුන් වර්ග හා මුහුදු පැළෑටි ආහාරයට ගන්නා මුහුදු සිංහයා ඉතාම හීලෑ සතෙක්. මිනිස් ආශ්‍රයට ඉතා ඉක්මනින් හුරුවන මුහුදු සිංහයාගේ හැසිරීම ඉතා ආකර්ෂණීය සහ සුරතල්. 

අත්ලාන්තික් සාගරයේ හා ඉතා ශීත රටවල ජීවත්වන මුහුදු සිංහයාට ඉතා ශීතල ගැඹුරු ජලයේ වේගයෙන් පිහිනා යෑමේ හැකියාවක් තිබෙනවා. ඉතා කෙටි වෙලාවක් අවු රශ්මියේ සිටීමට ප්‍රියකරන මුහුදු සිංහයා විශාල රංචු වශයෙන් ජීවත් වෙනවා. වරකට එක් පැටවෙක් බිහිකරන මුහුදු සිංහයා හොඳින් වැඩුණු පසු කිලෝ ග්‍රෑම් 1000ක් පමණ බරයි. සාමාන්‍යයෙන් මුහුදු සිංහයාගේ ආයුකාලය අවුරුදු 20 – 30 පමණ වෙනවා.

ඉතාම හීලෑ මුහුදු සිංහයෙක් සමූහ ඡායාරූපයකට විවිධ ඉරියව් වලින් පෙනී සිටින ආකාරය දැක්වෙන ඉතාම දුර්ලභ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් හුවමාරු වෙමින් පවතිනවා.බොහෝ දෙනෙක් එම වීඩියෝවට ආදරය කරන බව අසන්නට දකින්නට ලැබෙනවා.

 එම වීඩියෝව ඔබත් පහතින් නරඹන්න