ඥානසාර හිමිගේ සැත්කම: අද වෙන දේ | Colombocall ඥානසාර හිමිගේ සැත්කම: අද වෙන දේ - Colombocall

Hot News

ඥානසාර හිමිගේ සැත්කම: අද වෙන දේ

බොදුබල සේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සැත්කම අද (20දා) සිදු කරන බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහ‍ලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා ඊයේ (19දා) පැවැසීය.
වකුගඩු ආශ්‍රිතව හටගත් ගලක් ඉවත් කිරීම සඳහා උන්වහන්සේට සිදු කිරීමට නියමිතව තිබූ ශල්‍යකර්මය හෘද ස්පන්දය නියමිත පරිදි සිදු නොවීම හේතුවෙන් පසුගියදා කල් දැමීමට සිදුවිය.
මේ වනවිට උන්වහන්සේ ශල්‍යකර්මය සඳහා නිර්වින්දනය කිරීමට අවශ්‍ය තත්ත්වයකින් පසුවන බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කියා සිටියේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වීම නිසා බරපතළ වැඩ සහිතව වසර 6ක සිරදඬුවමක් නියම වී සිටින ඥානසාර හිමියන් එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ දිනට පෙර දිනයේදී රෝහල් ගත විය. නඩු තීන්දුව ලැබුණු දිනයේදී කිරීමට තිබූ මෙම ශල්‍ය කර්මය උන්වහන්සේ හෘද ස්පන්දනයේ ඇති වූ ගැටලුවක් හේතුවෙන් දිනෙන් දින කල් තැබිණි.

තනුජා නානායක්කාර