මාළිගාවත්ත වෙඩි තැබීමේ හේතුව හෙළිවෙයි | Colombocall මාළිගාවත්ත වෙඩි තැබීමේ හේතුව හෙළිවෙයි - Colombocall

Hot News

මාළිගාවත්ත වෙඩි තැබීමේ හේතුව හෙළිවෙයි





මාළිගාවත්ත ප්‍රදේශයේ දී ඊයේ (26) පස්වරුවේ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. ඒ මාළිගාවත්ත - ජුම්මා හන්දිය - ලොන්ඩරිය අසළ මාර්ගයේ දී. එම සිද්ධියෙන් 31 හැවිරිදි මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මරණයට පත් වුණා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙසේ වෙඩි තැබීම සිදුකොට පළා ගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.

මෙම සිදුවීම පාතාල සම්බන්ධ ක්‍රියාවලියක් යැයි පොලිසිය සැක කරන අතර මෙම සිදුවීමෙන් මිය ගිය කාන්තාව පාතාල නායක මධුෂ්ගේ ගෝලයෙකු සමඟ විවාහ වී සිටි කාන්තාවක් බවට පොලීසිය කියා සිටියා. නමුත් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙක් මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. පාතාල ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලදී සාධක ලැබී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.