ලෝක කුසලාන කැරම් තරඟාවලියේ පිරිමි ශුරතාවයත් ලංකාවට! (PHOTO) | Colombocall ලෝක කුසලාන කැරම් තරඟාවලියේ පිරිමි ශුරතාවයත් ලංකාවට! (PHOTO) - Colombocall

Hot News

ලෝක කුසලාන කැරම් තරඟාවලියේ පිරිමි ශුරතාවයත් ලංකාවට! (PHOTO)





දකුණු කොරියාවේ පැවති ලෝක කුසලාන කැරම් තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා.

ඒ ප්‍රභල ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින්.

පිරිමි කණ්ඩායම නියෝජනය කළ චමිල්, නිශාන්ත ශහීඩ් සහ උදේශ් යන ක්‍රීඩකයින් මෙම තරඟාවලිය ජයග්‍රහණය සඳහා විශාල දායකත්වයක් සැපයුවා.

ශී‍්‍ර ලංකා කාන්තා කැරම් කණ්ඩායම ද මෙවර අනුශූරතාව දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්. යෂිකා, රොෂිටා. චලනි සහ මධුකා යන ක්‍රීඩිකාවන් අවසන් තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කළ අයයි.

කැරම් සම්මේලනයට ස්ථිර ගොඩනැගිල්ලක් පවා නොමැති තත්වයක් තිබියදේ රට වෙත මෙවැනි ජයග්‍රහණයන් ගෙන ඒම අගය කලයුතු කරුණක්. ශී‍්‍ර ලංකාවට පදක්කම් දිනා ගැනීමට නොහැකි කි‍්‍රඩා ඉසව් සඳහා කී‍්‍රඩා බලධාරීන් වැඩි සැළකිලි දක්වද්දී ශී‍්‍ර ලංකා කැරම් කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් දැක් වූ දක්ෂතා දැක්වීම ද කැපී පෙනුන ලක්ෂණයක්.

මෙවර ලෝක  කුසලාන කැරම් තරගාවලිය සඳහා රටවල් 21ක් තරග වැදුනා.