සිරියාවේ වදකාගාරයට ගමනක් | Colombocall සිරියාවේ වදකාගාරයට ගමනක් - Colombocall

Hot News

සිරියාවේ වදකාගාරයට ගමනක්

මෙම වධකාගාර පවත්වාගෙන යනු ලබන්නේ සිරියාවේ තිබෙන බුද්ධි අංශය විසිනි. වධකාගාරවල සිටින ගැහැනුන්ට මෙන්ම පිරිමින්ට ද මොන විදියේ වධයක් දුන්නත් එරට පොලීසියට ඒ ගැන වධකාගාර පාලකයන්ගෙන් ප්‍රශ්න කිරීමට හෝ ඒ ගැන සොයා බැලීමට පුළුවන් කමක් හෝ අවසරයක් නැත.
Image result for syria torture photos
2011 මාර්තු මාසයේ සිට ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පිරිසක් ජනාධිපති බෂාර්ට විරුද්ධව කැරැල්ලක් ආරම්භ කර තිබේ. දැන් යුද්ධයක් බවට පත් වී ඇති මෙම කැරැල්ල මැඩපැවැත්වීම සඳහා ජනාධිපති බෂාර් නොයෙක් විදියේ උපක්‍රම යොදන්නට විය. තමාටත් තම රජයටත් විරුද්ධව කැරලි ගසන හැම කෙනෙකුම අත්අඩංගුවට ගන්නා ලෙස ඔහු බුද්ධි අංශයට නියෝග කළේය. මේ අනුව බුද්ධි අංශය මේ වනවිට කැරලිකරුවන් දහස් ගණනක් අත්අඩංගුවට ගෙන වධකාගාර විසිහතක ගාල් කරගෙන සිටින බව මානව හිමිකම් ඒජන්සියක් කියා සිටියි.මේ ගැන පොලීසියට දන්වා ඇතත් බෂාර්ට විරුද්ධව නැඟී සිටීමට එරට පොලීසියට පුළුවන් කමක් නැත.
දැනට මෙම වධකාගාරවල රඳවා සිටින හැම රැඳවියකටම දිනපතා බැටන් පොලු වලින් ද කේබල් කම්බිවලින් ද දරුණු ලෙස පහර දෙන බව එම මානව හිමිකම් ඒජන්සිය කියා සිටියි.අධෝමුඛය දිගේ කේබල් කම්බි යවමින් රැඳවියන්ට දරුණු වධහිංසා පමුණු වන බව ද මෙම ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කරයි.රඳවා සිටින හැම කාන්තාවකටම සමහර දිනකට හතර පස් වතාවක් ලිංගික අතවරයන්ට මුහුණ දීමට සිදුවන බවද කියති. බුද්ධි අංශයේ සිටින සමහර කාමාතුරයන් රූමත් තරුණියන්ට ලිංගික අතවරයන් කිරීමේදී නොයෙක් විදියේ දරුණු ක්‍රියාවන් අනුගමනය කරන බවද මානව හිමිකම් ඒජන්සිය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවේ දැක්වේ.
සමහර රුඳවියන්ගේ ඇඟිලිවල නියපොතු නැත. ඊට හේතුව වී ඇත්තේ ඒ සියල්ල බුද්ධි අංශයේ කාමා තුරයන් විසින් අමු අමුවේම ගලවා දැමීම නිසාය.නිව්යෝර්ක් නගරයේ සිට ක්‍රියාත්මක වන මෙම මානව හිමිකම් ඒජන්සිය, සිරියාවේ පවත්වා ඇති සියලුම වධකාගාර නැරඹීමමට ගොස් එම වධකාගාර තුළ සිදු කරනු ලබන ඉතා දරුණු අමානුෂික ක්‍රියාවන් සියල්ල හෙළිකරමින් තම වාර්තාවන් නිකුත් කර තිබේ.මෙම කඳවුරුවල සිටින වැඩිම පිරිසක් කිසිම වරදක් නොකළ අවිහිංසකයන් බවද එම ඒජන්සිය පෙන්වා දී තිබේ.නොකළ වරදකට සිරගත කොට සිටින එක් තරුණයෙක් මානව හිමිකම් ඒජන්සියට මෙවැනි ප්‍රකාශකයක් කර තිබේ.
“ඔවුන් අඬුවකින් මගේ දෑතේම තිබුණ ඇඟිලිවල නියපොතු උගුල්ලා දැම්මා.” ඉන් පසු ස්ටේප්ලර්යක් (බැඳුම්කටුව) මගේ ඇඟිලිවලටත් පපුවටත් කන්වලටත් සවි කළා. ඇත්ත කියනකං මේ ස්ටේප්ලර් ගලවන්නේ නැතැයි කියා උන් තර්ජනය කළා. කන් දෙකට සවිකර තිබුණු ස්ටේපලයන් ගෙන් පිට වුණේ ගින්දරක්. ඒ වේදනාව මට දරා ගැනීමට බැරි වේදනාවක් වුණා. උන් කාර් බැටරියකට වයර් දෙකක් සවිකර ශරීරයට එල්ලුවා. එයින් දරා ගන්න බැරි වේදනාවක් ඔවුන් මගේ ප්‍රජනක ඉන්ද්‍රියට (ට්ඥදජබඪචතඵ) දෙපාරක් විදුලි කම්පන තුවක්කු (ඡ්තඥජබපඪජ ඉබභද – ට්භදඵ) එල්ල කළා. දින තුනකට වරක් ඔවුන් මට මේ කෲර දඬුවම දුන්නා.”
Image result for syria torture photos
දැනට සිරියාව් රුදවුම් කඳවුරුවල නොහොත් වධකාගාරවල සිටින සිය ගණනක් වූ රුඳවියන් අත්අඩංගුවට ගෙන මෙම වධකාගාරවලට දක්කා ඇත්තේ එරට මිලිටර් බුද්ධි අංශය හා දේශපාලන ආරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලය විසිනි. මෙයට ගුවන් හමුදා බුද්ධි අංශය ද හවුල් වී ඇති බව නිව්යෝර්ක් මානව හිමිකම් ඒජන්සිය කියා සිටියි. මෙහිදී පොලීසිය ඉතාමත් අසරණ තත්ත්වයකට වැටී ඇති බවද ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම සියලුම අපරාධ කිරීමට අණදුන් සිරියාවේ බුද්ධි අංශයේ හිටපු නායකයා දැන් එරටින් පැනගොස් සිටියි. ඔහු සිය බිරිඳ සහ දරුවන් සමඟ මේ දිනවල සිටින්නේ තුර්කියේය. පැනගොස් සිටින බුද්ධි අංශ නායකයා නිව්යෝර්ක් මානව හිමිකම් ඒජන්සියට ප්‍රකාශයක් කරමින් තමන් අත්අඩංගුවට ගත් හැම කෙනෙකුටම දසවධ දුන් බවත් එසේ කළේ ඇත්ත දැන ගැනීමේ බලාපොරොත්තුවෙන් බවත් කියා සිටියේය.
දැනට සිරියාවේ පිහිටා ඇති දරුණුම වධකාගාර පිහිටා ඇත්තේ මෙම ස්ථානවලිනි. ඇලිප්පෝ නුවර වධකාගාර හතරක් ද ඉතාපීල්ව්වල වධකාගාර හතරක් ද ලටේකියා ප්‍රදේශයේ කඳවුරු හතරක් ද හෝම්ස් ප්‍රදේශයේ වධකාගාර හතරක් ද ඩැටස්කස් නගරයේ කඳවුරු දහයක් ද ඩේරා ප්‍රදේශයේ කඳවුරු තුනක් ද පවත්වාගෙන යන බවද මානව හිමිකම් ඒජන්සිය කියා සිටියි. නිව්යෝක් මානව හිමිකම් ඒජන්සිය මේ ගැන වාර්තාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලයට බාර දී ඇතත් තවමත් එම කවුන්සලය සිරියා රජයට විරුද්ධව කිසිම පියවරක් ගෙන නැති බව වාර්තා වෙයි.
ආතර් යු. අමරසේන