බන්ධනාගාරයට වෙනම පොලිස් ඒකකයක්!
බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ බන්ධනාගාර පොලිස් ඒකකයක් පිහිටුවන බවට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල කියා සිටිනවා.
ඒ මහත්මිය මේ බව කියා සිටියේ පසුගියදා බන්ධනාගාර බුද්ධි අංශ විසුරුවා හැරීමට පියවර ගැනීමත් සමඟයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පසුගියදා කාන්තා රැඳවියන් පිරිසක් වහලය මත නැගී සිදුකළ විරෝධතාවය පිළිබඳ කරුණු පෙන්වා දුන්නා. එම රැඳවියන් ඉල්ලා සිටි නඩු කඩිනම් කිරීම වැනි ඉල්ලීම් සඳහා නීතිපති , රස පරීක්ෂක හා පොලිස් දෙපාර්තමේන්තුව වැනි ආයතන සමඟ සාකච්ඡා කොට ඒ පිළිබඳ මැදිහත්වීමක් කල හැකි බවයි එහි වැඩි දුරටත් දැක්වෙන්නේ.