කඩවතදී කාන්තාවකට වෙඩි ප්‍රහාරයක් ! | Colombocall කඩවතදී කාන්තාවකට වෙඩි ප්‍රහාරයක් ! - Colombocall

Hot News

කඩවතදී කාන්තාවකට වෙඩි ප්‍රහාරයක් !




UPDATE

අද පස්වරුවේ සිදුවු වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති කාන්තාව පුද්ගල ඝාතන නඩුවක සැකකාරියක් බව හෙළිවී තිබෙනවා. 34 හැවිරිදි ඇය  කඩවත - රන්මුතුගල පදිංචිකාරිනියක්. ඇයට 2017 වර්ෂයේ දෙසැම්බර් 30 වනදා ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ඇගේ දික්කසාද වූ සැමියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්දව චෝදනා එල්ලවී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි ඇය ඇප ලබා පැමිණ ඇත්තේ මීට මාසයකට පමණ පෙරයි. මෙයට අදාළ නඩුවට මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොස් යතුරුපැදියෙන් යළි නිවසට පැමිණෙන අවස්ථාවේදී මෙම කාන්තාව වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කර සිටියේ.

-------------

කඩවත ගෝනහෙන මංසන්ධියේදී අද (07) දහවල් 1.00 ට පමණ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. මෙම සිද්දිය හේතුවෙන් කාන්තාවක් තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කර තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටින්නේ.