ඒකාබද්ධ විපක්ෂය ඊයේ පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දුව | Colombocall ඒකාබද්ධ විපක්ෂය ඊයේ පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දුව - Colombocall

Hot News

ඒකාබද්ධ විපක්ෂය ඊයේ පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දුව




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුවා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කලේ සැබෑ විපක්ෂ නායකයා කවුරුද යන්න පිළිබඳව ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී හෙළි කරන බවයි.

මෙම රැස්වීම සඳහා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී.දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත සහ  ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න යන මහත්වරුන්ද සහබාගි වීම විශේෂ කරුණක්.