කුඩා දරුවා ජනේලයක බැඳ මළ , මුත්‍රා යනකම් හිංසා කළ ලංකාවේ පව්කාර අම්මා ! | Colombocall කුඩා දරුවා ජනේලයක බැඳ මළ , මුත්‍රා යනකම් හිංසා කළ ලංකාවේ පව්කාර අම්මා ! - Colombocall

Hot News

කුඩා දරුවා ජනේලයක බැඳ මළ , මුත්‍රා යනකම් හිංසා කළ ලංකාවේ පව්කාර අම්මා !




සිවු හැවිරිදි එකම දරුවා දඟකාර යැයි පවසමින් දරුවාගේ අතක් රෙදි පටියකින් කාමරයේ ජනෙල් රාමුවක යකඩ කූරක ගැට ගසා දරුවා කෲරත්වයට පත් කළ විසි එක් හැවිරිදි තරුණ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොස්වත්ත පොලිසිය

කියයි. එම දරුවා ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර ඇත. කොස්වත්ත කිරිමැටියාන ප්‍රදේශයේ නිවෙසකට මීට සති දෙකකට පමණ ඉහතදී පදිංචියට පැමිණි යුවළක් එදින සිට ඔවුන්ගේ කුඩා දරුවා කාමරයේ ජනෙල් රාමුවක යකඩ කූරක ගැට ගසා ඇති බවට කොස්වත්ත පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉෂාන්ත කුමාර ඇපලකොටුව මහතාට ලද තොරතුරක් අනුව එහි ගොස් දරුවා මුදා ගත් බව පොලිසිය කියයි.
ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් එම නිවෙස තුළට ගොස් කළ පරීක්ෂාවේදී නිරුවත්ව සිටි දරුවා ගැටගසා සිටි බවත් දරුවාගේ මව ආහාර පිසිමින් මුළුතැන්ගෙයි රැඳී සිට ඇති බවත් පොලිසිය කියයි.
එලෙස බැඳ දමා සිටි දරුවාගේ මල මුත්‍රා ශරීරයේ තැවරී දැඩි ලෙස අපිරිසුදුව දැඩි දුර්ගන්ධයක් හමා එන්නට වූ බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ස්ථානාධිපතිවරයා සමඟ එම නිවෙස කරා ගිය පොලිස් නිලධාරිනියක් දරුවා නාවා පිරිසුදු කර යාබද නිවෙසකින් ඉල්ලා ගත් ඇඳුම් අන්දවා පොලිසිය වෙත රැගෙන විත් ආහාර ලබා දී ඇති අතර අධික කුසගින්නේ සිටි දරුවා හොඳින් ආහාර ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පොලිසියට රැගෙන එන අවස්ථාවේ දඟකාරකමින් පෙළුණු දරුවා පොලිසිය තුළ පැය දෙක තුනක් ගත කරද්දී පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් සමඟ කුලුපගව දැඩි හික්මීමකින් සිටි බව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඇපලකොටුව මහතා කීය
එම දරුවාගේ මව වන 21 හැවිරිදි කාන්තාව මාරවිල දිසා අධිකරණයට යොමු කර දරුවා සුදුසු භාරකාරත්වයකට පත් කරන බව පොලිස් නිලධාරිනියක් වැඩිදුරටත් පැවැසුවාය.
කොස්වත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි