ජපන් විදේශ ඇමතිත් ලංකාවට! | Colombocall ජපන් විදේශ ඇමතිත් ලංකාවට! - Colombocall

Hot News

ජපන් විදේශ ඇමතිත් ලංකාවට!





ජපන් විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති කසුයුකි නකානේ මහතා තෙදින නිළ සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණෙයි. රාජ්‍ය අමාත්‍ය නකානේ මහතා දිවයිනේ රැඳී සිටින කාලය තුළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ ද ද්වි පාර්ශවීය සාකච්ඡා සිදුකිරීමට නියමිතව තිබෙනවා.

තවද දෙරටේ ද්වි පාර්ශික සබඳතා තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණින් ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ආණ්ඩුවේ අනිකුත් නායකයින් හමුවීමට ද නියමිත බව ජපන් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

මෙම සංචාරයේදී ජපන් රජයේ ආධාර යටතේ කොළඹ වරායේදී, සමුද්‍රීය පරිසර දූෂණය වැළැක්වීම සඳහා අවශ්‍ය උපාංගවලින් සමන්විත ජපානයේ නිෂ්පාදිත නවීන වේග මුර යාත්‍රා දෙකක් ශ්‍රී ලංකාව වෙත පිරිනැමිමට නියමිතයි.

පසුගිය 21 වන දා ජපාන ආරක්ෂක ඇමති ඉත්සුනෝරි ඔනොදෙරා දිවයෙනේ දෙදින සංචාරයක් නිම වීමෙන් පසුව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ සංචාරයක් සඳහා පැමිණීමද විශේෂ කරුණක්.