ඒකාබද්ධය සන්ධානයෙන් ඉවත්වෙයි!
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වී ස්වාධීන කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමට ඒකාබද්ධ විපක්ෂය ගත් තීරණය පිළිබඳව සාකච්චා කිරීමට (14) අද දිනයේ නියමිතයි.
එහිදී පාර්ලිමේන්තු විපක්ෂ නායක ධූරය පිළිබඳවද වැඩි දුරටත් සාකච්ඡා කෙරෙනු ඇතී. නමුත් එයට සහභාගීත්වය පිලිබඳ මන්තී‍්‍ර ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න දන්වා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡා සිය පාර්ශ්වයට දන්වන බවත් නමුත් තවමත් මෙම සාකච්ඡාව දන්වා නොමැති අතර එසේ දැනුම් දෙනු ඇති බවට විශ්වාස කරන බවයි. තවද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ අද දිනයේ පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරය ලබා ගැනීම සඳහා මීළඟට කළ යුත්තේ කුමක්දැයි සාකච්ඡා කර තීරණය කරන බවයි.