ලෝක කුසලානයෙදී මාලිංගට මොකද වෙන්නේ! - හතුරු හෙළි කරයි | Colombocall ලෝක කුසලානයෙදී මාලිංගට මොකද වෙන්නේ! - හතුරු හෙළි කරයි - Colombocall

Hot News

ලෝක කුසලානයෙදී මාලිංගට මොකද වෙන්නේ! - හතුරු හෙළි කරයි




ඉදිරි පුහුණු තරඟ සඳහා සහභාගී වෙමින් ඒ තුලින් දක්ෂතා දැක්වුවහොත් අනෙක් ක්‍රීඩකයන්ට මෙන්ම ලසිත් මාලිංගටද  සංචිතයට නැවත එක්වීමට සම්භාවිතාව ඇති බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා  පවසනවා.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.

ඉදිරි දිනවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කෙලෙස සම්පූර්ණ විය යුතුද යන්න හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරා.

ලෝක කුසලාන තරඟාවලියට පෙර නවසීලන්තය, එංගලන්තය සහ දකුණු අප්‍රිකානු සංචාර තුලින් එය මැනවින් දැක ගත හැකි වන බවයි දන්වා සිටියේ.

එහිදී මාධ්‍යවේදීන් විසින් ඔහුගෙන් ආසියා කුසලානය පිළිබඳව ද ප්‍රශ්න කර සිටියා. ඒ සඳහා ඔහු ප්‍රකාශ කළේ එහි තණතීරු වල ඇති ස්වභාවය නිසා කණ්ඩායමේ විවිධ වෙනස්කම් ඇතිවිය හැකි බවයි.

එම වීඩියෝව පහතින් නරඹන්න..