"මාධ්‍ය වාර්ථා අසත්‍යයි" - තානාෂා සහ මහේෂිගෙන් විශේෂ සටහනක් | Colombocall "මාධ්‍ය වාර්ථා අසත්‍යයි" - තානාෂා සහ මහේෂිගෙන් විශේෂ සටහනක් - Colombocall

Hot News

"මාධ්‍ය වාර්ථා අසත්‍යයි" - තානාෂා සහ මහේෂිගෙන් විශේෂ සටහනක්





මහේෂි මදුශංකා සහ තනාෂා හතරසිංහ පාලක මැදිරියේ සිටම ආහාර ලබා ගත බවත් ව්‍යාපාරික පන්තියේ ගමන් කරමින් සිටි ඇතැම් මගින් ඊට විරෝධය දැක්වූ බවත් පසුගිය දා පළවූ ලිපියේ වාර්තා කර තිබුනා.

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් රංගන ශිල්පිනියන් දෙදෙනාග්ම ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම්හි දක්වා තිබුනේ තමන් සිංගප්පුරුවට පැමිණෙන අවස්ථාවේ ගුවන් යානය තුල මෙකී කිසිඳු ක්‍රියාවක් සිදු නොවූ බවයි. මුදල් පරමාර්ථයෙන් මෙවැනි ක්‍රියා සමාජ ජාල මාධ්‍ය ප්‍රචාරය කර හරින බවයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කල තිබුනේ.

අදාළ ප්‍රකාශ  පහතින්..

" ඊයේ දිනයේදි ලංකාවේ නෙත් ගොසිප් නම් එකක මමත් තවත් රංගන ශිල්පිනියකුත් සිංගප්පුරැ බලා යාමේදී ගුවන්යානයේ පාලක මැදිරියට ගොස් තවත් ඉහල නිලදාරියෙක් සමග ගුවන්ගමන පුරාවට අවිනීතව හැසිරැන බවට පුවතක් පලවී ඇතිබව දැනගත් මා ප්‍රථමයෙන් පුදුමයට පත්වී දෙවනුව හියියෙන් සිනාසුනෙමි...මක්නිසාද යත් අසහනයට පත් මිනිසුන් මුදල් වෙනුවෙන් තමන්ගේම රටේ තමන්ගේම ජාතියේ කාන්තාවකගේ චරිතය අමු අමුවෙ සාවද්‍යය ලෙස ඝාතනය කරනු දැක පුදුම වී....ඇත්ත දන්නා මා විසින් මේතරම් මිනිසුන් කුහක දැයි සිතා සිනාගියෙමි..
අපි වෘත්තීමය රංගනශිල්පීන් වෙමු..අපි අන් රටකට යන්නේ අපේ රටේ ආත්මගෞරවය අපේ රටේ නාමය අපේ හිසමත තබාගෙන බව අපි කෙලෙසකවත් අමතක නොකරමු...ඒ නිසාවෙන් සාමාන්‍යය පුරවැසියෙකුට වඩා අපි වගකීමෙන් හැසිරීමට දනිමු...ඒ නිසාවෙන් මෙවැනි පහත් දෙයක් කරනු තියා කරන්නට සිතක් වත් අපිට පහල වන්නේ නැත...අපි සිංගප්පූරැ ආවෙමු..අපි පාලක මැදිරියටද ගියෙමු..එහෙත් ගුවන්යානය සිංගප්‍පූරැවට ගොඩ බැස්සූ අවස්තාවේදී පමනි...එසේ කලේද ගුවන් කාර්‍යයමණ්ඩලය අපගේ රසික රසිකාවියන් වීමනිසා ඔවුන් ලබාදුන් විශේෂ වරප්‍රසාදයක් ලෙසයි..එම වරප්‍රසාදය ලබාගත් එකම පිරිසත් පලමු පිරිසත් අවසන් පිරිසත් අපි නොවන බව දන්නා මිනිසුන් දනී...ගුවන් කාර්‍යය මන්ඩලයේ කෙනෙක් දන්නා ඕනෑම පුද්ගලයෙක්ට එම අවස්ථාව ලබාගත හැක..අපිද සාමාන්‍යය වැසියන් ලෙස එම දර්ශනය දැකීමට කැමැති වීමු...එය වරදක්ද?

එහෙත් මේ මුදල් වෙනුවෙන් කාන්තාවකගේ ආත්මය කෙලසන "නෙත් ගොසිප්" පවසන පරිදි අපසමග ගිය තුන්වැන්නා කවුරැන්දැයි තාමත් අපි නොදනිමු...මඩ ගසන්න ගසන ඔබේ දෑතේ ඊටත් වඩා මඩ තැවැරෙයි..අපි පරම පවිත්‍ර බෞද්ධයන් වෙමු...කර්මය අපි තදින් විස්වාස කරමු...තම මව මෙන් තම සොයුරියක් මෙන් සම තැන සිටින කාන්තාවකට අසභ්‍ය ලෙස බොරැ ගොතමින් මඩ ගසන පාපය කර්මයක් වී එන විට "නෙත් ගොසිප්" මහත්ම මහත්මියනි ඒ කර්මයෙන් ගැලවීමට නොහැකිවනු ඇත...ඇත්ත ඇති සැටියෙන් කියන්න...වරදට මඩ ගසන්න...ඒත් නොකල වැරදි වලට අහිංසක චරිත ඝාතනය නොකරන්න...
අවසාන වසයෙන් මෙසේ කියමි..මම ලාංකික කාන්තාවක් වෙමි....ලංකාව තුලදීත් ඉන් පිටදීත් මම ලාංකික කාන්තාවකගේ ගෞරවය රකිමි..ඒ වෙනුවෙන් පෙනීසිටිමි...අපි කුමක් කලත් එය අපේ හදවතේ සැමවිටම ඇත... "