නවසිලන්ත යුද ගුවන් යානයක් හදිස්සියේම මත්තලට | Colombocall නවසිලන්ත යුද ගුවන් යානයක් හදිස්සියේම මත්තලට - Colombocall

Hot News

නවසිලන්ත යුද ගුවන් යානයක් හදිස්සියේම මත්තලට







NEH 795 දරන නවසීලන්ත ගුවන් හමුදාවට අයත් යුද ගුවන්යානයක් ගුවන් භටයින් 15 දෙනෙකු සමග අද (09) පෙරවරු 11.32 කට පමණ මත්තල ගුවන්තොටුපලට පැමිණියා.

ඒ කාර්ය මණ්ඩල විවේකය සඳහා මෙන්ම යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම වෙනුවෙනුයි. එහි කාර්ය මණ්ඩලය අද හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේ විවේක ගැනීමෙන් පසු යළිත් හෙට පෙරවරුවේ යළිත් ඩුබායි බලා පිටත්වීමට නියමිතයි.

මෙම ගුවන් යානය ඉන්දුනීසියාවේ සුල්තානා අසිස් ගුවන්තොටුපොළේ සිට ඩුබායි හි අල්මින් හට් ගුවන් තොටුපොල දක්වා ගමන් කරන අතරතුර මෙලෙස ලංකාවට ගොඩබා තිබෙන බව මත්තල ගුවන්තොටුපොල ආරංචි මාර්ග පැවසුවා.