ට්‍රම්ප්ගේ නම කෙළෙසන්න හැදු එෆ් බී අයි නිලධාරියාට වුණු දේ මෙන්න! | Colombocall ට්‍රම්ප්ගේ නම කෙළෙසන්න හැදු එෆ් බී අයි නිලධාරියාට වුණු දේ මෙන්න! - Colombocall

Hot News

ට්‍රම්ප්ගේ නම කෙළෙසන්න හැදු එෆ් බී අයි නිලධාරියාට වුණු දේ මෙන්න!




එෆ් බී අයි සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු වන පීටර් ස්ට්‍රෝක් ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කරමින් කෙටි පණිවුඩ හුවමාරු කිරීම හේතු කරගෙනයි.

මේ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වීමෙන් පසුව, එෆ් බී අයි සංවිධානයේ ධුරයෙන් ඉවත් කළ තුන්වන ඉහළ පෙළේ නිලධාරියා ලෙස මොහු හැඳින්විය හැකියි. ඇමරිකානු නීති දෙපාර්තමේන්තුව කල දීර්ඝ අභ්‍යන්තර විමර්ශනයකින් පසුව ස්ට්‍රෝක් සිය මිතුරන් සමග හුවමාරු කරගත් තොරතුරු හෙළිකිරීමට සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. එෆ් බී අයි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩේවිඩ් බෝඩිච් නිවේදනය කළේ මේ හේතු කොටගෙන ස්ට්‍රෝක්ට දින 60 ක වැඩ තහනමක් හා ඔහුගේ තනතුරද පහත හෙළන බව යි.

මේ වන විට පීටර් ස්ට්‍රෝක්, එෆ් බී අයි සංවිධානයේ නියෝජ්‍ය සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියා.