"මමනම් දහයට නිදා ගන්නේ නැ" - මහින්ද මාධ්‍යට කියයි. (VIDEO) | Colombocall "මමනම් දහයට නිදා ගන්නේ නැ" - මහින්ද මාධ්‍යට කියයි. (VIDEO) - Colombocall

Hot News

"මමනම් දහයට නිදා ගන්නේ නැ" - මහින්ද මාධ්‍යට කියයි. (VIDEO)





හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමකට බඳුන් කෙරුණා. ඒ ‘ද නේෂන්’ ඉංග‍්‍රීසි පුවත්පතේ හිටපු සම-කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

එම ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ තමා වෙත මෙලෙස ප්‍රශ්න කිරීම් සිදු කරනුයේ දේශපාලන පළිගැනීම් හේතු කොට ගෙන බවයි.

දේශපාලන උවමනා සහ පෙළඹවීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පස් දෙනෙකු පමණ මෙම ප්‍රශ්න කිරීම් සිදු කළද එම සිද්ධිය සම්බන්ධව තමාට චෝධනාවක් නොමැති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

කථානායක කරූ ජයසුරිය මහතා ඒ සම්භන්දව තමාට ඇමතුමක් ලබා දුන්නාදැයි මාධ්‍යවේදීන් විමසු විට මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ තමාට ඒ පිළිබඳව මතකයක් නොමැති බවයි.

එම වීඩියෝව පහතින්....