ආයුර්වේද සම්බාහන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලිස් දැලේ! | Colombocall ආයුර්වේද සම්බාහන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලිස් දැලේ! - Colombocall

Hot News

ආයුර්වේද සම්බාහන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලිස් දැලේ!





රාජගිරිය ප්‍රදේශයේ පරණ කෝට්ටේ පාර ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලිසිය විසින් ඊයේ (06) රාත්‍රිය තුලදී වටලා තිබෙනවා.

එහිදී කාන්තාවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් වයස අවුරුදු 38, 26, 30 සහ 29 යන වයස් සීමාවල පසුවන නාරාහේන්පිට, පිළියන්දල, බේරුවෙල, දුණුවිල, මහරගම සහ පානදුර යන ප්‍රදේශවල පදිංචිකාරිනියන්.

එම ස්ථානයේ කළමනාකාරිය ලෙස සේවය කළ කාන්තාවක් සහ ගණිකා වෘත්තියේ නියැලුණු කාන්තාවන් 05 දෙනෙක් සිටින අතර මොවුන් අද (07) දින අලුත් කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.