පෙර පාසල් දැරියකට අතවර කළ කාමාතුරයාට වුණ වැඩේ ! | Colombocall පෙර පාසල් දැරියකට අතවර කළ කාමාතුරයාට වුණ වැඩේ ! - Colombocall

Hot News

පෙර පාසල් දැරියකට අතවර කළ කාමාතුරයාට වුණ වැඩේ !






කොස්‌ගොඩ පොලිසිය විසින් පස්‌හැවිරිදි වියේ පසුවූ පෙර පාසල් දැරියක් බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්‌කළ හතළිස්‌ හය හැවිරිදි වියේ පසුවූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු දැරියගේ නිවසට ගොස් ඇයගේ සීයා සමග මත්පැන් පානය කිරීමට අවශ්‍ය බව පවසමින් දැරියගේ මව බිත්තර ගෙන ඒම සඳහා අසල වෙළෙඳසැලකට පිටත්කොට තිබෙනවා. එහිදී ලද අවස්ථාවේ දැරියගේ කාමරය වෙත ගොස්‌ ඇයව බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්‌කර තිබෙන බවයි පොලිසිය සඳහන් කර සිටින්නේ.

මව නැවත නිවසට පැමිණි අවස්ථාවේ දැරියගේ කාමරයේ සිට පිටතට පැමිණි සැකකරු දුටු මව විසින් දැරියගෙන් ඒ පිළිබදව විමසා තිබෙනවා. එහිදී දැරිය විසින් සිදු වූ කරුණ මවට පැවැසීමෙන් පසුව කල පැමිණිල්ල හේතුකොටගෙන මෙලෙස කොස්ගොඩ පොලිසිය විසින් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවා.