චන්ද්‍රිකා ( චෞර රැජිණ ) බුදු දහම විනාශ කරන හැටි චාපා හෙළිකරයි ! -VIDEO- | Colombocall චන්ද්‍රිකා ( චෞර රැජිණ ) බුදු දහම විනාශ කරන හැටි චාපා හෙළිකරයි ! -VIDEO- - Colombocall

Hot News

චන්ද්‍රිකා ( චෞර රැජිණ ) බුදු දහම විනාශ කරන හැටි චාපා හෙළිකරයි ! -VIDEO-






හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සභාපතීත්වයෙන් යුත් රාජ්‍ය ආයතනයක් බුදු දහමට අපහාස වන අයුරින් නිෂ්පාදනය කළ ගුවන් විදුලි නාට්‍ය පිළිබද පුවත් වාර්තා වී තිබුණා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංගගේ සභාපතීත්වයෙන් යුතු ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාංශය රජයට සම්බන්ධ ආයතනයකි.  මෙම කාර්යාලය මගින් රජයේ ගුවන් විදුලි නාළිකාවල ප්‍රචාරය කිරීම සදහා ගුවන් විදුලි නාට්‍ය කිහිපයක් සාදා තිබේ. කණට පහරක් ලෙස නම් කර තිබෙන මෙම ගුවන් විදුලි නාට්‍ය ඔස්සේ බුද්ධ ධර්මයට අපහාස වන බවට චෝදනා එල්ල වී තිබෙනවා.

අයිරාංගනී සේරසිංහ වැනි ප්‍රවීණ කලාකරුවන් පවා බුදු දහමට අපහාස කරනා මෙම නාට්‍ය සදහා  සම්බන්ධ වී තිබෙන බවත් කියවේ. මෙම නාට්‍ය සදහා නම් තබා තිබෙන්නේ බුදු දහමේ එනම් නිබ්බානන් පරමං සුඛං පාඨය විකෘති කරමින් "නිර්වස්ත්‍රං පරමං සුඛං" ආදී වන ලෙසටය.

මෙම ක්‍රියාවලිය කුමන්ත්‍රනයක් බවත් මෙහි අරමුණ බොහෝ හානිකර බවත් මාධ්‍යවේදී චාපා බණ්ඩාර පවසනවා. සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝ පටයක් මුදාහරිමින් චාපා බණ්ඩාර මේ බවට හෙළිකරනවා.

එහිදි චාපා බණ්ඩාර පවසන්නේ "ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය සහ ඒකීයත්වය විනාශ කරනා මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවත් ඒ සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය ඇතුලු සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන සහ අන්තවාදී කොටස් එක්කර ගනිමින් මෙම කුමන්‍ත්‍රණයේ නිරත" බවයි.