අකිල අයි.සී.සී. දර්ශකයේ ඉදිරියට | Colombocall අකිල අයි.සී.සී. දර්ශකයේ ඉදිරියට - Colombocall

Hot News

අකිල අයි.සී.සී. දර්ශකයේ ඉදිරියට




දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ පසුගියදා පැවති 5 වන එක්දින තරඟයේ දී ලකුණු 29කට කඩුලු 6ක් බිඳ හෙළූ අකිල ධනංජය අයි.සී.සී. දර්ශකයේ ස්ථාන 22ක් ඉදිරියට පැමිණ සමත්ව තිබෙනවා.

ඔහුට ඒ අනුව අයි.සී.සී. එක්දින පන්දු යවන්නන්ගේ දර්ශකයේ හිමිවන්නේ 21 වන ස්ථානයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන සුරංග ලක්මාල්ට වඩා ස්ථාන 7ක් ඉදිරියට පැමිණීමට සමත්වී තිබීම මෙහි විශේෂත්වයක්. මෙම සිදුවීමත් සමග අකිල ධනංජය හිමි කරගෙන සිටින්නේ එක්දින දර්ශකයේ ශ්‍රී ලංකා පන්දු යවන්නෙකුට හිමි ඉහළම ස්ථානයයි.

මේ අතර, දකුණු අප්‍රිකාව සමඟ හෙට පැවැත්වෙන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. එයින් ජෙෆ්රි වැන්ඬේසේ සහ ෂෙහාන් මධුශංක ඉවත් කර ඇති අතර, ඔවුන් දෙදෙනා වෙනුවට ඉසුරු උදාන සහ කසුන් රාජිත සංචිතයට එක් කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කළේ.