හැට හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරා තරුණියට කළ වැඩේ! | Colombocall හැට හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරා තරුණියට කළ වැඩේ! - Colombocall

Hot News

හැට හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරා තරුණියට කළ වැඩේ!





හැට හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරකු කොට්‌ටාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දහනව හැවිරිදි තරුණියකට අතවර කිරීමට තැත් කිරීම හේතුවෙන්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිරෝද රථ රියදුරකු වූ දෙදරු පියෙක් බවයි පොලිසිය කියා සිටින්නේ. සිද්ධිය සඳහා මුහුණ පෑ මෙම තරුණිය සැකකරුගේ ත්‍රිරෝද රථයෙන් කුලී ගමනක්‌ ගොස්‌ නැවත නිවෙසට පැමිණ මුදල් ලබාදීමට අවැසි මුදල් ගෙන ඒම සඳහා නිවෙස තුළට ගොස් ඇත. ඒ අවස්‌ථාවේ සූක්ෂම ලෙස සැකකරුද තරුණිය පසුපසින් නිවෙස තුළට ඇතුළු වී තරුණිය මෙසේ අතවර කිරීමට තැත්කර තිබෙන බවයි පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේ.

එම අවස්‌ථාවේ නිවෙසේ කිසිවෙකු නොමැති නිසා තරුණියගේ කෑ ගැසීමත් සමග සැකකරු නිවෙසින් එළියට පැන ත්‍රිරෝද රථයෙන් පලාගොස්‌ ඇත. පසුව තරුණිය අවට පිරිසගේද සහාය ඇතිව ත්‍රිරෝද රථය පසුපස හඹාගොස්‌ සැකකරු පොලිසියට භාරදී ඇත.