දුම්රිය වැඩ වර්ජනය නැවතත් ! විස්තරය මෙන්න | Colombocall දුම්රිය වැඩ වර්ජනය නැවතත් ! විස්තරය මෙන්න - Colombocall

Hot News

දුම්රිය වැඩ වර්ජනය නැවතත් ! විස්තරය මෙන්න





දුම්රිය රියදුරු ස්ථානාධිපති නියාමක පාලකවරුන්ගේ වැටුප් ගැටලුව 21 වැනි අඟහරුවාදා මධ්‍යම රාත්‍රී 12 ට පෙර විසඳිය යුතු බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමය සඳහන් කරයි.

වැටුප් ගැටලු විසඳීමට ඊයේ (14දා) පැවැති කැබිනට් මණ්ඩලය යම් යම් තීරණ ගෙන තිබුණත් සමස්ත රාජ්‍ය සේවාවේම ගැටලු විසඳීම පිළිබඳ වැඩිපුර අවදානය යොමුවී තිබෙන බවද එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

සමස්ත රාජ්‍ය සේවාවේම වැටුප් විෂමතා ඉවත් කරන තෙක් සිටීමට හැකියාවක් නොමැති බවත්, 21 වැනි දින මධ්‍යම රාත්‍රී 12 පෙර ගැටලු විසඳීමට කටයුතු නොකළහොත් පසුගිය 12 වැනි දින තාවකාලිකව නවතා දැමූ දුම්රිය වැඩ වර්ජනය 21 වැනි දින මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කරන බවත් හෙතෙම කියා සිටියේය.