දඩ කොළ නෑ කිව්වොත් දැඩි ක්‍රියාමාර්ග | Colombocall දඩ කොළ නෑ කිව්වොත් දැඩි ක්‍රියාමාර්ග - Colombocall

Hot News

දඩ කොළ නෑ කිව්වොත් දැඩි ක්‍රියාමාර්ග

ඩ පත්‍රිකා ලබාදිය හැකි වැරදිවලට දඩ පත්‍රිකා නොමැති බව සඳහන් කරමින් රියදුරන් අපහසුතාවට පත් කළහොත් එම පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේය.

අවශ්‍ය තරම් දඩ පත්‍රිකා සහිත පොත් පොලිස් ස්ථාන වෙත ලබා දී තිබෙන බවත්, යම් පොලිස් ස්ථානයක දඩ පත්‍රිකා පොත් නොමැති නම් ආසන්න පොලිස් ස්ථානයෙන් ඒවා ලබාගැනීමට හැකියාව තිබෙන බවත් ඔහු පවසා සිටියේය.

මීට අමතරව පොලිස් කොට්ඨාස ගබඩාවල අවශ්‍ය තරම් දඩ පත්‍රිකා සහිත පොත් තිබෙන බවත්, නව දඩපත්‍රිකා සහිත පොත් ලක්ෂයක් මේ දිනවල මුද්‍රණය කරමින් තිබෙන බවත් ඒ මහතා කියා සිටියේය.