මල්වත්තේ මංජු බඩුත් සමග මාට්ටු
මංජුල චමින්ද ඇල්වල නොහොත් මල්වත්තේ මංජු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.
ප්රභල පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස හැඳින්වෙන මොහු ඊයේ (09) පස්වරුවේ ලද තොරතුරකට අනුව පෑලියගොඩ ප්රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සැකකරු සතුව තිබූ හෙරොයින් ග්රෑම් 5 යි මිලිග්රෑම් 840 ක්, මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 5 ක්, අන්සතු විදේශ ගමන් බලපත්ර 5 ක්, රියදුරු ගමන් බලපත්ර 2 ක් සහ ජාතික හැදුනුම්පත් 37 ක් ඇතුළු ආයුධ කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත.
44 හැවිරිදි වියේ පසුවන මොහු මීට පෙර ද හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්රකාශ කරා.