කැළණිය සහ වත්තල ප්‍රදේශවල අද ජලය නෑ
කැළණිය සහ වත්තල ඇතුලූ ප්‍රදේශ තුල ජලය බෙදාහරින ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (17) පෙරවරු 9 සිට හෙට අලූයම 3 දක්වා පැය 18 ක කාලයක් ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා.
කැළණිය, පෑලියගොඩ, වත්තල, මාබෝල සහ බියගම යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.