තම කුසින් වදාපු පුතාව ලිංගිකව අපයෝජනය කර මුදලට විකිණූ මව සහ පෙම්වතා | Colombocall තම කුසින් වදාපු පුතාව ලිංගිකව අපයෝජනය කර මුදලට විකිණූ මව සහ පෙම්වතා - Colombocall

Hot News

තම කුසින් වදාපු පුතාව ලිංගිකව අපයෝජනය කර මුදලට විකිණූ මව සහ පෙම්වතා

තම පුතු දුෂණය කර අනතුරුව ළමා දූෂකයන්ට අලෙවි කළ මවකට සහ ඇයගේ පෙම්වතාට සිරදඬුවම් නියමකළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම සිදුවීම වාර්තා වන්නේ ජර්මනියෙන්. මෙලෙස සිරදඬුවම් නියමවී ඇත්තේ 48 හැවිරිදි කාන්තාවකට සහ 39 හැවිරිදි ඇයගේ පෙම්වතාටයි.

මොවුන් දෙදෙනා විසින් බරපතල ලෙස ලිංගික අපයෝජනය කර ඇත්තේ අදාළ දරුවා 9 හැවිරිදි වියේ පසුවන විටයි.
මෙහිදී අනාවරණ වී ඇත්තේ ආසන්න වශයෙන් පුරා වසර 2ක් තිස්සේ මොවුන් දෙදෙනා විසින් දරුවා අපයෝජනය කර ඇති බවයි.
ඒ අනුවයි අදාල නඩු විභාගයෙන් අනතුරුව අධිකරණය විසින් මෙම යුවලට වසර 12 ක් සහ මාස 6 ක සිරදඬුවම් නියමකර ඇත්තේ.
මීට අමතරව එම දරුවාට සහ ඔවුන් විසින් අපයෝජනය කළ තවත් දැරියකට යුරෝ 42,500 ක් වන්දි වශයෙන් ගෙවන ලෙසටයි අධිකරණය මවට සහ අනියම් සැමියාට නියෝග කර ඇත්තේ.
මේ අතර අදාළ දරුවා අපයෝජනය කිරීම සම්බන්ධයෙන් එම අධිකරණය විසින් ස්පාඤ්ඤ ජාතික පුරුෂයෙකුට දස වසරක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
මීට අමතරව අදාළ දරුවා මිලදීගෙන අපයෝජනය කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් 10 දෙනෙකුට ද අධිකරණය නඩු පවරා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ළමා ලිංගික දූෂණය, දරුවන්ට බරපතල ලිංගික අතවර කිරීම, බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවීම සහ ළමා නිරුවත් ඡායාරූප බෙදාහැරීම සම්බන්ධයෙන් දරුවාගේ මව සහ පෙම්වතා වැරදිකරුවන් බව අධිකරණය තීන්දු කළේ.

මේ වනවිට අදාළ දරුවා හදා වඩා ගැනීම සඳහා වෙනත් යුවලකට භාරදී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.