අන්තරේ විරෝධයට පොලීසියෙන් ජල ප්‍රහාරයක්! | Colombocall අන්තරේ විරෝධයට පොලීසියෙන් ජල ප්‍රහාරයක්! - Colombocall

Hot News

අන්තරේ විරෝධයට පොලීසියෙන් ජල ප්‍රහාරයක්!



UPDATE

මේ වන විට එහි පවතින තත්වය පහතින්..








UPDATE

මේ වන විට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් පවත්වන උද්ඝෝෂණයට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කරමින් තිබෙනවා.

-------------------------------------------------------


කොළඹ වෝඩ් පෙදෙස මේ වනවිට අවහිර වී ඇති බව පොලීසිය ප්‍රකාශ කර සිටිනවා.

ඒ පසුගියදා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සිදු කල ප්‍රකාශයකට විරෝධය පල කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වීම හේතුවෙන්.

මිනීමරු නවකවදය නැවැත්වීමට දැඩි නීති ළඟදීම ගෙනඑන බවත් නවකවදයට තමාගෙන් කිසිදු සමාවක් නොලැබෙන බවත් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියා. මෙයට විරෝධය දක්වමිනුයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙලෙස උද්ඝෝෂණයේ නිරත වන්නේ.