මෙලන් ඇතුළු හතරක් බිළිගත් වාද්දුවේ සාදයේ විස්තරය මෙන්න ! | Colombocall මෙලන් ඇතුළු හතරක් බිළිගත් වාද්දුවේ සාදයේ විස්තරය මෙන්න ! - Colombocall

Hot News

මෙලන් ඇතුළු හතරක් බිළිගත් වාද්දුවේ සාදයේ විස්තරය මෙන්න !






වාද්දූව හෝටලයක පැවැති සාදයක් අතරතුර හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටි තවත් අයෙකු අද (06දා) මියගොස් ඇති බව රෝහල් ආංරචිමාර්ග සඳහන් කරයි.

මෙම සාදය පෙරේදා (04) පැවති අතර එහිදී ආසාත්මිකතාවක් හේතුවෙන් රෝගී වූ  සිවුදෙනෙකු වාද්දූව රෝහලට ඇතුළත්කොට ඇති අතර ඉන් තිදෙනෙකු ඊයේ  (05) ජීවිතක්ෂයට පත් විය. මෙලෙස මියගොස් ඇත්තේ 20,21 සහ 36 වයසේ පසුවන තරුණයන් තිදෙනෙකි.

මෙලෙස මිය ගිය ළාබාලතම තරුණයා නමින් මෙලන් ශම්මික නැමැති අයෙක් වන අතර ඔහු බල්ලපාන ප්‍රදේශයේ පදින්චිකරුවෙක්. මීට පෙර ඔහුට සිදු වූ අනතුරකින් ඔහුගේ එක් පාදයක් කපා ඉවත් කර තිබෙනවා. රැප් සංගීතයට බොහෝ ඇලුම් කරන ඔහු නිතර සංදර්ශන සඳහා සහභාගී වෙන අයෙක් බවත් වාර්තා වෙනවා.

මෙම සිද්ධියට අදාළව පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ සවස සිදුකළ අතර මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙලන්ගේ ඡායාරූප කිහිපයක් පහතින්