බිම්බෝම්බයක් පිපිරීමෙන් පාසල් සිසුවෙකුට අසාධ්‍යයි ! | Colombocall බිම්බෝම්බයක් පිපිරීමෙන් පාසල් සිසුවෙකුට අසාධ්‍යයි ! - Colombocall

Hot News

බිම්බෝම්බයක් පිපිරීමෙන් පාසල් සිසුවෙකුට අසාධ්‍යයි !




බිම්බෝම්බයක් පුපුරා යෑමෙන් මුහමාලෙයි, එලුදුමට්ටුවාල දකුණ ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (08දා) බරපතළ තුවාල ලබා ඇතැයි පලෙයි සහ කොඩිකාමම් පොලිස් නිලධාරීහු පවසති.

 අදාළ සිසුවා යාපනය, මුහමාලෙයි කැලෑබඳ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් නොකරන ලද ප්‍රදේශයට ගොස් සිටියදී බිම්බෝම්බයක් පෑගී එය පුපුරාගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණව වී තිබේ.

 ජේ.එම්. නිදර්ශන් නමැති සිසුවෙකු මෙලෙස තුවාල ලබා ඇති අතර, ඔහු පලෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය මහ රෝහලට මාරුකර යවා ඇත.

 අදාළ සිසුවාගේ දෑත්වලට බරපතළ හානි සිදුව ඇතැයි රෝහල් ආරංචිමාර්ග පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි හා කොඩිකාමම් පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.