හිතුමතේ ජීවිතේට ඇප ලබා දෙයි! | Colombocall හිතුමතේ ජීවිතේට ඇප ලබා දෙයි! - Colombocall

Hot News

හිතුමතේ ජීවිතේට ඇප ලබා දෙයි!





හිතුමතේ ජීවිතේ නොහොත් වඩුවාගේ දොන් සුමතිපාල මහතාට අද (24) ඇප ලබා දී නිදහස් කොට තිබෙනවා. ඒ මහතාගේ භාරකරු ලෙස කටයුතු කළ විශ්‍රාමික ගෲප් කපිතාන් ක්‍රිශාන්ත මනම්පේරි මහතාගේ මැදිහත් වීම තුලින් මෙය සිදු කෙරුනා.

පොල්ගස්ඕවිට ප්‍රදේශයේ නිවසක සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් ඉකුත්දා පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා. 2006 වර්ෂයේදී පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පිහිටි වෛද්‍යවරයෙකුගේ නිවසකින් අදාළ සොරකම සිදුකිරීමයි ඔහුට විරුද්ධව එල්ල වූ චෝදනාව වූයේ. මරණ දඬුවම හිමිව බන්ධනාගාරගතව සිට යළි නිදහස හිමිව සිටි හිතුමතේ ජිවිතේ නැමැත්තා අදාළ චෝදනා සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය විසින් 23 දා මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.

නමුත් අද දවසේ  ක්‍රිශාන්ත මනම්පේරි මහතා මැදිහත්ව ඇප මුදලක් ගෙවා ඔහුව නිදහස් කරගනු ලැබුවා. ඊයේ දවසේ සුමතිපාල මහතාට ඇප ලබා නොදිය හැකි වුයේ ප්‍රදේශයේ දෙදෙනෙකු ඒ සඳහා ඉදිරිපත් කිරීම අනිවාර්යය ලෙස අධිකරණය විසින් පැවසූ බවයි ඒ මහතා කියා සිටියේ.